ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට එන සචින්ගේ පුත්‍රයා

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර්ගේ පුත් අර්ජුන් එරට 19න් පහළ ජාතික කණ්ඩායම සඳහා තෝරා ගෙන තිබේ.

ඒ අනුව, ජූලි මස පැවැත්වීමට නියමිත එක්දින තරග පහක් සහ සිව් දින තරග දෙකක් සඳහා එම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙතක් ඉන්දියාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ක්‍රිකට් ක්‍රීඩකයා වන සචින්, සිය පුතු ජාතික කණ්ඩායමකට තේරීම “ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්” බව පවසා ඇත.

අර්ජුන් සම්බන්ධයෙන් ඉහළ යමින් පැවති මාධ්‍ය අවධානයක් පැවතුන ද ඔහු කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි විශේෂඥයෝ පවසූහ.

පසුගිය ජනවාරි මස බීබීසී ක්‍රීඩා අංශය සමඟ පැවති සාකච්ඡාවකදී අර්ජුන් තෙන්ඩුල්කර් පැවසුවේ ඉන්දියානු ජාතික කණ්ඩායමකට ක්‍රීඩා කිරීම තම සිහිනය බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *