පොලිස් මෙහෙයුම් දිවයිනපුරා නිරන්තරයෙන් – පොලිස්පති කියයි

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ වැළැක්වීම හා රිය අනතුරු අවම කිරීමේ අරමුණෙන් පොලිස් මෙහෙයුම් දිවයිනපුරා නිරන්තරයෙන් සිදු කරන බව, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ඉකුත් සෙනසුරාදා (09 ) රාත්‍රී 9.00 සිට 10 වැනිදා උදේ 8.00 දක්වා දිවයිනපුරා සිදු කළ දැවැන්ත මෙහෙයුමකින් සැකකරුවන් 3,666ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මූලස්ථානය පවසයි.

දිවයිනපුරා ආවරණයවන පරිදි සිදු කළ මෙහෙයුමට පොලිස් නිලධාරීන් 17,000කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ.

බීමත්ව රිය පැදවීම, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම, විවිධ අපරාධ, අපරාධ හෝ වෙනත් මත්ද්‍රව්‍ය, නීති විරෝධී මද්‍රසාර, බලපත්‍ර නොමැති මත්පැන් අලෙවි කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පානය කිරීම, බලපත්‍ර නොමැති ගිනි අවි, ජීව අත්බෝම්බ මෙන්ම විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට පත්වුණා. රථවාහන නඩු හයට දහසකට අධික ප්‍රමාණයක් ලබාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *