සෝමවීර සේනානායක මහතා අද දැයෙන් සමු ගනී

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ සාහිත්‍යවේදී සහ පිටපත් රචක අභාවප්‍රාපත්ත සෝමවීර සේනානායක මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී අද (11) සිදු කෙරේ.

සෝමවීර සේනානායක මහතා ඉකුත් සෙනසුරාදා (09) අභාවප්‍රාප්ත වන විට 74 වන වියේ පසු විය. ඒ මහතා ටෙලිනාට්‍ය පිටපත් රචනයට පිවිසියේ 1993 වසරේ වෙසක් පහන ඒකාන්ගික ටෙලිනාට්‍යයෙන් පිටපත් රචනය තුළිනි. පළිගු මැණිකේ අසල්වැසියෝ දූ දරුවෝ වැනි ඔහු රචනාකළ ටෙලිනාට්‍ය අදටත් ප්‍රේක්ෂක මතකයේ පවති.

සෝමවීර සේනානයක මහතාගේ පළමු තිර කථාව ඔහුගේම නවකථාවක් ඇසුරින් ලියවුණු යශෝරාවයයි.

රූපවාහිනී වාර්තා වැඩසටහන් මෙන්ම චිත්‍රපට 10ක පමණ ද ඒ මහාතා තිර රචනා සිදු කර තිබේ.

අභාවප්‍රාපත්ත සෝමවීර සේනානායක මහතාගේ දේහය මේ වන විට බොරගැස්ගමුව, ඇඹිල්ලවත්ත පාර, අංක 43 දරණ නිවසේ තැම්පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *