ක්‍රීඩා ඇමති ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල බලන්න යයි

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල ජපානයේ ජිෆූ ප්‍රාන්තයේ හෂීම නගරයේ ජිෆූ නගරගවා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන 18වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහභාගී විය.

මෙහිදී ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සහ ජපාන මලල ක්‍රීඩා ෆෙඩරේෂණයේ සභාපති හිරෝෂි යෝකොකාවා (Hiroshi Yokokawa) ඇතුළු නිලධාරීන් විසින් අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පිළිගනු ලැබීය.

එහිදී තරඟ නැරඹීමටත්, තරඟ සඳහා සහභාගිවන ශ්‍රී ලංකික ක්‍රීඩිකා ක්‍රීඩිකාවන් උනන්දු කිරීමටත් අමාත්‍යවරයා කටයුතු කළේය.

මේ අතර මීටර් 100 ගැහැණු තරගයෙන් රිදී පදක්කම දිනාගත් අමේෂා ද සිල්වා ක්‍රීඩිකාවට සුබ පැතීමටද අමාත්‍යවරයා ට හැකියාව ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *