හෙට සිට භූමිතෙල් මීල බසියි

(කොළඹ, ලංකාපුවත්) – හෙට(12) සිට භූමිතෙල් මිල රුපියල් 70 දක්වා අඩු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

දිලිප් වෙදආරච්චි මහතා මේ බව සඳහන් කළේ ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.

පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57කින් ඉහළ දැමීමට පියවර ගැණුනු අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101ක් දක්වා ඉහළ ගියේය.

කෙසේවෙතත් භූමිතෙල් මිල ඉහළ යාමෙන් සිය කටයුතු සිදුකරගෙන යාමට නොහැකි බව පවසමින් ධීවර ප්‍රජාව විරෝධතා ක්‍රියාමාර්ගවලද නිරත වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *