උඩුදුම්බරදී රුපියල් මිලියන 5 ක මුදල් මංකොල්ලයක්

(කොළඹ, ලංකාපුවත්) – මහියාංගනය ප්‍රදේශයේ පෞද්ගලික ආයතන 02ක මුදල් රැගෙන යමින් සිටියදි උඩුදුම්බර ප්‍රදේශයේදී කොල්ලකෑමකට ලක්ව තිබේ.

මෙසේ පැහැරගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 50ක් පමණ වන බව පොලිසිය පැවසීය.

උඩුදුම්බර පොලිස් වසමේ ගලේකැලේ ප්‍රදේශයේ දී මෙය සිදුව තිබේ.

සැකකරුවන් 05 දෙනෙක් වෑන් රථයකින් පැමිණ අවි පෙන්ව මුදල් පැහැරගෙන ඇත්තේ ඊයේ(11) පස්වරු 4.45 පමණ වේ. එහෙත් එම ගණන මෙතෙක් නිශ්චිත ලෙසම පැවසිය නොහැකි බව ද පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් පැමිණි වෑන් රථය පල්ලේකැලේ පොලිස් වසමේ ‍දමා ගොස් තිබිය දී පොලීසියට හමු වී ඇති බව ද පොලිසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *