මයිකල් ජැක්සන් කළ කපටි වැඩක් හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් සිදු කළ කපටි ක්‍රියාවක් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ ජැක්සන්ගේ නර්ථන විලාසයන් හිදී ඔහු අංශක 45කින් ඉදිරියට නැඹුරු වීමේ සිද්ධියයි. එය සාමාන්‍යයෙන් ඉතා දක්ෂ ක්‍රියාකාරකමක් බව වෛද්‍ය විද්‍යාඥයින් සදහන් කරයි.

ජැක්සන්ගේ මෙම නර්ථන විලාසය සම්බන්ධයෙන් විද්‍යාඥයින් ඔහුගේ මරණින් පසු පර්යේෂණ සිදු කර තිබේ.

ඔහු මෙලෙස මුල්වරට අදාළ නර්ථන විලාසය ඉදිරිපත් කර ඇත්තේ 1987 වසරේ නිකුත් වූ ගීතයකට අදාළව වීඩියෝවකට ය.

මෙම නැටුම් ශෛලිය බොහෝ පිරිසක් කොපි කිරීමට උත්සාහ කළ ද එය මයිකල් ජැක්සන් තරම් සාර්ථකව ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබුණි.

නිෂාන් යැනෙක් නැමැති ස්නායු ශල්‍ය විශේෂඥවරයාගේ ප්‍රධානත්වයෙන් තිදෙනෙකුගෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම නැටුම් විලාසය මෑතක දී දැඩි ලෙස අධ්‍යයනය කර ඇත. ඔවුන්ට එහිදී තහවුරු වී ඇත්තේ හොඳින් පුහුණු වූ නර්ථන ශිල්පියෙක්ට ද මෙලෙස ඉදිරියට යොමු විය හැක්කේ අංශක 25ත් 30ත් අතර ප්‍රමාණයක් බවයි.

නමුත් ජැක්සන් කොදු නාරටිය හා ඊට අදාළ මාංශ පේෂීන් ආධාරයෙන් ඉතා පහසුවෙන් මෙය සිදු කරන බවක් පෙනෙන්නට තිබේ. පසුව අනාවරණය කර ගෙන ඇත්තේ ජැක්සන් පළදින් සපත්තු යුගලයේ සවි කර ඇති විශේෂ උපකරණයක් මගින් මෙලෙස ඔහු අංශක 45ක් ඉදිරියට යොමු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *