පළතුරු වියළීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – වියළි පළතුරු සැකසීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබේ.

අධික සීනි සහ පිටි සහිත කෙටි කෑම පරිභෝජනය කිරීමෙන් ඇති වන බෝ නොවන රෝග වළක්වා ගැනීම එහි අරමුණ වේ.

මෙරට බෝ නොවන රෝග බහුතරයකට හේතුවී ඇත්තේ වත්මන් ආහාර රටාවයි.

අධික ලෙස සීනි, පිටි සහ තෙල් අඩංගු ආහාර පරිභෝජනය ඉහළ යාම නිසා බෝ නොවන රෝගවලට ගොදුරු වීම උග්‍ර වී තිබේ. පාසල් ආපන ශාලා සහ බොහෝ උත්සව අවස්ථාවලට ද තබා ඇත්තේ එවැනි ආහාර බව දැකිය හැකිය.

එම නිසා එම තත්වය වළක්වා ගැනීමට කෙටි ආහාර සහ අතුරුපස ලෙස වියළි පළතුරු සැකසීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *