ක‍්‍රිස්බ්‍රෝ රන්වන් කහ පැහැති කුකුළු මස් ගුණය ‘Culinary Art Food Expo 2018’ ප‍්‍රදර්ශනය පුරා පැතිරයයි

(කොළඹ, ලංකාපුවත්) – දේශීය සමාගමක් ලෙස කුකුළු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ පෙරමුණට පැමිණ ඇති ක‍්‍රිස්බ්‍රෝ සමාගම තම නිෂ්පාදනවල පෝෂණය සහ නැවුම් බව පිළිබදව ආරම්භයේ සිටම විශේෂ අවධානයක් යොමුකරයි.

ඒ නිසා රන්වන් කහපැහැති ක‍්‍රිස්බ්‍රෝ කුකුළුමස් පිළිබඳව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී පසුගියදා පැවති ‘Culinary Art Food Expo 2018’ ප‍්‍රදර්ශනයේදී පැවත්විය.

ජූනි මස01, 02 සහ 03 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප‍්‍රදර්ශන ශාලාවේදී පැවති මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කර තිබුණේ ශ‍්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය සහ ලෝක සූපවේදීන්ගේ සංගම් සංවිධානයයි.

ප‍්‍රදර්ශනය සදහා දේශීය සංචාරක හා සත්කාරක,ආහාර සහ පානීය නිෂ්පාදන සමාගම් විශාල සංඛ්‍යාවක් සහභාගීවි සිටියා. ප‍්‍රදර්ශනයේ අරමුණ වුයේ දේශීය සංචාරක සත්කාරක කර්මාන්තයේ සහ සැකසූ ආහාර සදහා දේශීය සහ විදේශීය ගැණුම්කරුවන්ගේ අවදානය යොමු කිරීමයි. ඒ අනුව සාමාන්‍ය ජනතාව, ගෘහණියන්, හෝටල්කරුවන් හා සූපවේදීන් විශාල පිරිසක් ප‍්‍රදර්ශනය සදහා සහභාගිවූහ.

ශ‍්‍රී ලංකාවේ විවිධ වරණ සහිත ආහාර, ආහාර හා සම්බන්ධ උත්සව හා ඒ ඒ ආහාරවලට අනන්‍යවූ විශේෂ රසයන් පිළිබදව දර්ශනයේදී විශේෂ අවදානයක් යොමු කෙරණු අතර ක‍්‍රිස්බ්‍රෝ සමාගමද සිය රන්වන් කහ පැහැති කුකුළු මස්වල ඇති පෝෂණ ගුණය සහ රසය පිළිබදව දැනුවත් කිරීමට විශේෂ අවදානයක් යොමු කළේය. ඒ අනුව ඉතා ආකර්ශනීය ලෙස සකස් කරතිබු ක‍්‍රිස්බ්‍රෝප‍්‍රදර්ශනකුටියේ සිටි ප‍්‍රවිණ සූපවේදීන් විසින් ජනතාවට කරණු පැහැදිලි කරමින් රන්වන් කුකුළු මස්මගින් පිළියල කල රසවත් ආහාර ඔවුන්ට පිළිගන්වන ලදි.

මෙහිදි නතාවගෙන් ඉතා ඉහල ප‍්‍රතිචාර ලැබුණ අතර තමන්ව රන්වන් කහ පැහැති කුකුළු මස් පිළිබදව නිසිලෙස දැනුවත් කිරීම ගැන සිය ස්තුතිය ඔවුන් ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *