මධුෂ්ගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – “මාකදුරේ මධුෂ්” නැමති පාතාල නායකයාගේ ගෝලයින් යැයි සැක කෙරන පුද්ගලයින් තිදෙනෙක් මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මහනුවර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත.

රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් ද මොවුන් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්පති පූඩිත් ජයසුන්දර මහතාගේ නියෝග අනුව මෙම සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සදහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *