පස්සර වෙළෙඳසැලක ගින්නකින් කාන්තාවන් තිදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පස්සර නගරයේ වෙළදසැලක අද (14) අලුයම ඇතිවු හදිසි ගින්නකින් වෙළදසැල විනාශවී එයට යාබඳව ඇති කාමර වල ජිවත්වූ කාන්තාවන් තිදෙනෙක් මියගොස් ඇතැයි පස්සර පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ කේ.බී. මල්ලිකා (62) , කේ.බී. චිත්‍රා (61) ටී.එච්. කල්පනා (23) යන වෙළදසැල් හිමියාගේ මව, නැඟණිය සහ පුංචි අම්මා බවද පොලිසිය සදහන් කරයි.

පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *