ජෝර්ජියානු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජෝර්ජියානු අග්‍රාමාත්‍ය ජොර්ජි කිවිරිකාෂ්විලී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ අගමැතිවරයා සිය පක්ෂ නායකයා සමඟ ඇතිවූ මතබේදයක් හේතුවෙන් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවය.

ජෝර්ජියානු අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සජීවීව එරට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කතර තිබේ.

50 හැවිරිදි ජොර්ජි කිවිරිකාෂ්විලී, 2015 වර්ෂයේ සිට එරට අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරනු ලබයි.

නව කැබිනට් මණ්ඩලයක් සාදා ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ සලසා දෙමින් තමන් මෙම පියවර ගත් බෙව ඔහු සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *