වැසි තත්වයේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිතදිග කොටසේ අද සිට පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු-මැද පළාතේත් සහ පුත්තලම, මාතලේ, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *