(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවන් නිදහස් කිරිමට තාමිල්නාඩු ප්‍රාන්ත රජය කළ ඉල්ලීම ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා විසින් ප්‍රතික්ෂ්ප කර තිබේ.
රජිව් ගන්ධි ඝාතනය 1991 වසරේ දී සිදුවු අතර වැරදිකරුවන් 07දෙනෙකු වෙත ජිවිතාන්ත සිරදඬුවම් නියමකර කර ඇත.ශ්‍රීධරන් හෙවත් මුරුගන්, පේරරිවාලන්, ශාන්තන්, ජයකුමාර්, රොබට් පයාස්, රවිචන්ද්‍රන් සහ නලිනි එලෙස රජිව් ඝාතනය වෙනුවෙන් සිර දඬුවම් විදින 07දෙනාය.
ඔවුන් දැනටමත් වසර 20කට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටී.
මෙම වරදිකරුවන් හත්දෙන නිදහස් කිරිමට තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් පසුගිය සිව් වසර තුළදී දෙවරක් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි
ඉන්දිය ජනාධිපති මෙම තිරණය ගෙන ඇත්තේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ උපදෙස් අනුව ය. කිසිදු හේතුවක් අනුව ඝාතකයින් නිදහස් කළ නොහැකි බව ඉන්දිය ඉහළ පෙලේ නිළධාරින් පෙන්වා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එසේම ඉන්දීය මධ්‍යම රජය, තමිල්නාඩු ප්‍රාන්ත රජයේ මතය සමගින් ඒකඟ ෙනාවන බව ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සදහන් කර තිබේ.