යාපනයේ සිද්ධියට 05ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –යාපනය – තෙලිප්පිලෙහි ප්‍රදේශයේ දී ඊයේ(17) සවස දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පිරිස අතර පෞද්ගලික කරුණක් හේතුවෙන් කඩු, පොලු ආදියෙන් පහරදීමෙන් ගැටුමක් හට ගෙන ඇත. අනතුරුව, වෙනත් රාජකාරියකට ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් එය සමතයකට පත් කිරීමට උත්සාහ කිරීමේ දී එක් පුද්ගලයෙකු විසින් කඩු පහරක් පොලිස් නිලධාරියෙකුට එල්ල කිරීමට ගත් උත්සාහයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදු කර තිබේ.

එහි දී, එක් පුද්ගලයෙකු මියගොස් ඇත. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේ දී කෝලාහලකරුවෙකු විසින් තවත් පුද්ගලයෙකුට බිම දමා පහරදීමක් සිදුකළ බව පොලීසිය පවසයි.

පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරීමය වශයෙන් පිටව ගොස් ඇත්තේ චුන්නාගම් ප්‍රදේශයේ ළිදකට වැටී මිය ගිය කාන්තාවක් සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණයට සම්බන්ධ රාජකාරියකට බව පොලීසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *