තැපැල් සේවකයන්ගේ නිවාඩු අද සිට අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) – අද(19) රාජකාරියට වාර්තා නොකරන සේවකයන් සේවය අතහැර ගිය සේ සලකන බව තැපැල්පති රෝහණ අභයරත්න මහතා සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පතිවරයා පවසන්නේ, දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි. සියලු තැපැල් කාර්යාල විවෘත කර රාජකාරී සදහා පහසුකම් සැපයීම මාණ්ඩලික නිලධාරීන් සතු ය.

ඒ සඳහා අදාළ ප්‍රදේශයේ පොලිස් සහය ලබා ගත හැකි බව ද තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

අද සිට සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන සහ පත්වීම් ස්ථීර නොකරන ලද කාර්යමණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ තවදුරටත් පරිපාලනය වග නොකියන බව ද තැපැල්පතිවරයා අවධාරණය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *