නීතියෙන් දඬුවම් ලැබූ චීවරධාරීන් 15ක් බන්ධනාගාරවල

(කොළඹ, ලංකාපුවත්) – මිනී මැරුම් හා විවිධ අපරාධවලට වැරදිකරුවන්ව දඬුවම් ලැබූ චීවරධාරීන් 15 දෙනකු මේ වනවිට බන්ධනාගාර කිහිපයක සිරගත කර සිටින බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශන කාර්යාල සදහන් කරයි.

එකී සියලු දෙනා සෙසු සැකකරුවන් මෙන් සිර ඇඳුම ඇද සිටින බව එම කාර්යාලය පෙන්වා දෙනු ලැබේ.

මෙම චීවරධාරී පිරිස මාස 06 සිට වසර 07 දක්වා කාල පරාසයකට සිර දඬුවම් ලැබූවන් වේ. වැලිකඩ බන්ධනාගාරයේ පමණක් එසේ දඩුවම් ලැබූ චීවරධාරීන් 08ක් සිටි.

මෙසේ බන්ධනාගාර ගතවන චීවරධාරී සිරකරුවන් කිසිවෙකුටත් කිසිදු විශේෂත්වයක් නොදක්වන බවත්, එම පිරිස ද බන්ධනාගාර නීතිවලට යටත්ව කටයුතු කරන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *