ඥාණසාර හිමි ගැන අධිකරණ ඇමතිනියගෙන් ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) – පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සභාවේ අනුනායක මහාචාර්ය අති පුජ්‍ය කොටපිටියේ රාහුල ස්ථවීරයන් වහන්සේ විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් උන්වහන්සේ වෙත අද(20) භාර දී ඇත.

ඥාණසාර ස්වාමීන් වහන්සේගේ චීවරය ඉවත් කිරීම කරුණ සම්බන්ධයෙන් එහි පූර්ණ අයිතිය ඕනෑම ස්වාමින්වහන්සේ නමක් අයිති නිකායට හෝ එම ස්වාමින්වහන්සේට තිබෙන බවත් ඒ පිලිබඳව කිසිම රජයකට හෝ රටේ පාලකයාට හෝ රජය නියෝජනය කරන පාර්ශවයකට අයිතියක් නොවන බව ඇමතිවරිය දැනුම් දී තිබේ.

නමුත් ස්වාධීන අධිකරණයක් තුළ රටේ සියළුම පුරවැසියන් වශයෙන් රටේ පවතින නීතිවවට අවනතව කටයුතු කිරීමට හා ගරු කිරීමට බැදී සිටින බවද සදහන් කර තිබේ.

එබැවින් අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවක් තුළ දී සිරභාරයට පත්වන ඕනෑම කෙනෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සදහන් කර ඇත.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම පනත ක්‍රියාත්මක කිරීමට රාජකාරී මට්ටමෙන් වගකිව යුතු වේ. ඒ අනුව බන්ධනාගාර පනකේ 106 වගන්තියට අනුව අධිකරණය මගින් සිර දඩුවම් නියමවන ඕනෑම කෙනෙකුට බන්ධනාගාර හිරකරු නිල ඇදුම ලබා දීමට නියම කෙරේ.

කෙසේ නමුත් බෞද්ධ හාසනයේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරන බෞද්ධ ප්‍රතිපත්ති තුළ ජීවත්වෙමින් මොනම පදනමකින් හෝ එහි පැවැත්මට හෝ බලපෑමක් කිරීමට මොනම ආකාරයකින්වත් කටයුතු නොකරන බව තලතා අතුකෝරල ඇමැතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *