වනජීවි නිලධාරින් පිරිසකට වන අලි ප‍්‍රහාරයක්- එක් නිලධාරියෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –රක්ෂිත වනාන්තරයකදී වනජීවි කාර්යාල නිලධාරින් පිරිසකට වන අලි ප‍්‍රහාරයක් ඊයේ(19) එල්ල විය.

ගිරාදුරුකෝට්ටේ පොලිස් වසමේ විරානගම ප‍්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පැවසීය.

විරානගම ප්‍රදේශයට වන අලි ගම්වැදී ඇති බවට ගම්වාසීන් සිදුකළ දැනුම්දීමකට අනුව වනජීවී නිළධාරීන් පිරිසක් එම ප්‍රදේශයට පැමිණ තිබේ.

වන අලි පලවාහැරිමේ නිරතව සිටියදී වන ආරක්ෂක නිළධාරියෙකුට මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇත.

එයින් බරපතළ තුවාල ලැබූ එක් නිලධාරියෙක් ගිරාදුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මරණ පරික්ෂණය අද (20) සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *