සොෆ්ට්ලොජික් ලයිෆ් සියවාර්ෂික මූල්‍ය වාර්තාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට වීඩියෝවක ආකාරයෙන් එළිදක්වයි

(කොළඹ, ලංකාපුවත්) –නව්‍යකරණ සීමා තවත් පුඵල් කරමින් ශ‍්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා 2017 සිය මූල්‍ය වාර්තාව විඩියෝ ආකෘතියකින්ද එළිදැක් වු අතර මූල්‍ය වාර්තාවක් විඩියෝවකින් ශ‍්‍රී ලංකාවේ නිකුත් කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

මෙම විඩියෝව ශ‍්‍රී ලංකා යූටියුබ් චනලයේ සහ සොෆ්ට්ලොජික් ලයිෆ් වේබ් අඩවියේ ප‍්‍රකාශයට පත්කොට ඇති අතර විඩියෝ ප‍්‍රස්ථාර භාවිතා කරමින් මූල්‍ය වාර්තාවේ වැදගත් විස්තර එහි පැහැදිලි කර තිබේ. දළ වාරික ආදායම් gross written premium සිට සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම්, මූල්‍ය හා මානව හිමිකම් ප‍්‍රග්ධනය, රක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ විශ්ලේෂණයක්, ශ‍්‍රී ලංකාවේ නෛතික හා රේගුලාසිවල විශේෂතා මෙම මූල්‍ය වාර්තාවේ පැහැදිලි කර තිබේ.

සොෆ්ට්ලොජික් ලයිෆ් සිය පාර්ශවකරුවන්ට මෙම විඩියෝ මූල්‍ය වාර්තාව පරිශීලනය කරන ලෙස ඉල්ලා සිටින අතර එහි සොෆ්ට්ලොජික් ලයිෆ් මූල්‍යමය ක‍්‍රියාකාරකම් සහ මූල්‍ය නොවන තොරතුරු (ක්‍ෂෙත‍්‍රයේ වටිනාකම් සහ පාරිසරික සහ පාලන සංරචක) මැනවින් අන්තර්ගත වේ. තොරතුරු හුවමාරු කරගැනීමේ නව ක‍්‍රමවේදය ඔස්සේ සමාගමට සිය ප‍්‍රතිපත්ති සම්පාදකයන්, සේවකයන්, ආයෝජකයන්, සහ අනිකුත් බාහිර පාර්ශවකරුවන් සමග දෘෂ්‍යව හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු කරගැනීමට මේ මගින් හැකි වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම විඩියෝ මූල්‍ය වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වු සොෆ්ට්ලොජික් ලයිෆ් හි මූල්‍ය ප‍්‍රධානී නුවන් පුෂ්පකුමාර මහතා ප‍්‍රකාශ කළේ සමාගම පිළිබද තොරතුරු එළිදැක්වීමේලා වාර්ෂික මූල්‍ය වාර්තාව ඉතා වැදගත් ස්ථානයක් ගන්නා බවයි. අපගේ බොහෝ පාර්ශවකරුවන්ගේ සාමාන්‍ය මතය වී ඇත්තේ වාර්ෂික මූල්‍ය වාර්තාව කියවීම ඉතා අපහසු කටයුත්තක් බවත්, ලිඛිතව පමණක් මූල්‍ය වාර්තාව තිබීමෙන් පාර්ශවකරුවන්ට වැදගත් තොරතුරු ග‍්‍රහණය කර ගැනීම අපහසු බවත්, නුවන් පුෂ්පකුමාර මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.

විඩියෝ ආකෘතියෙන් මූල්‍ය වාර්තාව නිකුත් කිරීම පිළිබදව ඉතා සුභවාදී ප‍්‍රතිචාර පාර්ශවකරුවන්ගෙන් ලැබෙන අතර මෙම විඩියෝවට ඉන්ෆෝග‍්‍රැෆික්ස් සහ විශේෂ ආකර්ශනයක් ඇති වන ආකාරයට නිර්මාණශීලිව තොරතුරු සහ දත්ත ඉදිරිපත් කර ඇති බව ඔහු කියා සිටියේය. Spirited යන තේමාව යටතේ සොෆ්ට්ලොජික් ලයිෆ් හි ජීවිත රක්‍ෂණ අංශයේ තත්ත්වය, උපායමාර්ග, සම්පත් වෙන්කෙරෙන අන්දම, ව්‍යාපාර ආකෘතිය, ක‍්‍රියාකාරකම්, පාලනය සහ අනාගත කටයුතු පිළිබදව විස්තර කෙරෙයි. පාර්ශවකරුවන්ට අවශ්‍යය වන ජාත්‍යන්තර ජීවිත රක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ නි්‍යාය පිළිබද උපදෙස් සහ මූලික ප‍්‍රතිපත්ති පිළිබදව මෙහි අන්තර්ගත වේ.

සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් මූල්‍ය සහ පාරිසරික වාර්තාකරණය ඒකාබද්ධ කරමින් පරිපූර්ණ වාර්තාවක් සකස් කරනු ලැබ ඇති අතර මෙම වාර්තාව ගෝලීය වාර්තාකරණයේ මුලපිරුම Global Reporting Initiative සහ ජාත්‍යන්තරව පිළිගැනෙන තිරසාර වාර්තාකරණ රාමුවට internationally recognized framework for sustainability reporting අනුගතව ඇත. 2016 වසරේ වාර්තාව, ගෝලීය වාර්තාකරණ මුලපිරුමේ නිර්දේශවලට අනුගතව සකස් කෙරුණු අතර Global Reporting Initiative (G4) guidelines ඒ සදහා සම්මාන රැසක් හිමිවිය. ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ සංගමයෙන් CA Sri Lanka, ඇමෙරිකානු සන්නිවේදන වෘත්තිකයන්ගේ සංගමයෙන් League of American Communications Professionals LLCසහ දකුණු ආසියානු ගණකාධිකාරි සංගමයෙන් එම සම්මාන හිමි විය. ඊට අමතරව මෙම වාර්තාවට ශ‍්‍රී ලංකා වෘත්තීය පරිපාලන ගණකාධිකාරි සංගමය විසින් අඛණඩව වසර 3 ක් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සම්පීඩිත වාර්තාව අයත් ශ‍්‍රී ලංකාවේ ඉහලම සමාගම් 10 අතරට වර්ගීකරණය කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමණාකාර අධ්‍යක්‍ෂ ඉෆ්තිකාර් අහමඞ් කියා සිටියේ සෑම වසරකදීම අපේ වාර්තාව උසස් ප‍්‍රමිතියෙන් පවත්වා ගැනීමට අවදානය යොමු කරන අතර පසුගිය වසරේ අර්ථාන්විත, විශ්වාසනීය සහ සමබර ලෙස 2016 වාර්තාව ඉදිරිපත් කිරීම වෙනුවෙන්අපගේ කැපවීමට සම්මාන රැුසක් හිමි වු බවයි. මේ වසරේදී අපගේ වාර්ෂික වාර්තාව විඩියෝවක ආකාරයෙන් ඉදිරිපත් කිරීමට හැකි වු බවත්, වැදගත් තොරතුරු ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ මගින් විස්තර කර ඇති බවත්, මෙම නව්‍යකරණ වාර්තාව ඔස්සේ විශාල පේ‍්‍රක්‍ෂකාගාරයකට ආමන්ත‍්‍රණය කිරීමට සහ අපගේ ප‍්‍රධාන සන්නිවේදන මෙවලමකට විශාල ආකර්ශණයක් ලබැගැනීමට හැකි වූ බවත්, ඔහු තවදුරටත්පෙන්වා දුන්නේය.

සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය, පාරිභෝගික භාණ්ඩ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සංචාරක, මෝටර් රථ සහ මූල්‍ය සේවා යනාදී ක්ෂේත‍්‍රවල දැවැන්ත වර්ධනයක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් හිමි සොෆ්ට්ලොජික් සමූහයේ සාමාජිකයෙකු වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි හිමිකාරීත්වය යටතේ පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *