මහේලට නායකත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – තුන්කොන් විස්සයි – 20 තරගාවලියක් සඳහා එංගලන්තයේ මාර්ලිබොන් ක්‍රීඩා සමාජය සිය කණ්ඩායමේ නායකත්වයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත්කර තිබේ.

2015 වර්ෂයේදි එංගලන්තයේ මාර්ලිබොන් ක්‍රීඩා සමාජය මහේල ජයවර්ධනට යාවජීව සමාජීකත්වය ලබා දීම හෙයින් මෙම නායකත්වයේ වගකිම මහේලට හිමීව තිබේ.

නේපාලය,නේදර්ලන්තය හා මාර්ලිබොන් ක්‍රීඩා අතර පැවැත්වෙන මෙම තරගාවලියේ තරග 03 කින් සමන්විතය.

මේ අනුව එම තරග ජුලි මස 29 වැනිදා එංගලන්ත ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට සංවිධානය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *