රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසයි

(කොළඹ, ලංකාපුවත්) – රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදමා තිබේ.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඊයේ (21) පස්වරුවේ පරිපාලන ගොඩනැගිල්ලට එකතුවී බලහත්කාරයෙන් එහි රැඳී සිටිමට ක්‍රියාකිරිම හේතුවෙන් මෙම තිරණය ගත් බවය.

ඒ අනුව නේවාසිකාගාරවල සිටින සියලුම සිසුන්ට අද පෙරවරු 10.00ට පෙර නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස දැනුම්දී තිබේ.

සිසුන් කිහිප දෙනෙකුගේ පංති තහනම ඇතුළු ගැටළු කිහිපයක් සාකච්ඡා කිරිම සදහා උපකුලපතිවරයා ඊයේ මහා ශිෂ්‍ය සංගමයට සාකච්ඡාවක් ලබාදී තිබුණ ද ඒ සඳහා වැඩබලන උපකුලපතිවරයෙකු යොමු කිරිම හේතුවෙන් සිසුන්ගේ විරෝධය එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *