අනවස‍රයෙන් තුර්කියට ඇතුළු වීමට ගිය ලාංකීකයන් 08ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –නීතිවිරෝධී අන්දමින් තුර්කියට ඇතුලුවිමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ජොර්ජියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජොර්ජියානු ආරක්ෂක අංශ විසින් ඇජාරා දේශසීමාවේදී මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ජොර්ජියාව හරහා තුර්කියට ඇතුලුවිමට උත්සහ දරා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ජොර්ජියාවේ අපරාධ නීති සංග්‍රහයට අනුව විමර්ශන පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජොර්ජියානු නීතියට අනුව මෙවැනි වරදක් සම්බන්ධයෙන් විදේශිකයෙකුට වසර 04ත් 05ත් අතර සිර දඩුවමක් හිමිවනු ඇති බව සඳහන් වේ.

2016 වර්ෂයේදී මෙලෙස නීති විරෝධි ලෙස ජොර්ජියාව හරහා තුර්කියට ඇතුලුවිමට උත්සහ කළ අවස්ථා 38ක් වාර්තා වී ඇති අතර 2015 වර්ෂයේදී එවැනි අවස්ථා 55ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *