නයිජීරියාවේ ගොවීන් අතර ගැටුමකින් 86 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – නයිජීරියාවේ මධ්‍යම පළාතේ ගොවීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 86 දෙනෙක් මිය ගොස් ඇති බව ප්ලේටෝ ප්‍රාන්ත පොලීසිය සදහන් කර ඇත.

ප්ලෙටෝ ප්‍රදේශයේ ගොවීන් සහ ගවපට්ටි පාලනය කරන පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 86 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම දෙපිරිස අතර දීර්ඝ කාලයක සිට ගැටුම් පවතින්නේ ප්‍රදේශ අත්පත් කර ගැනීම සදහා පවතින තරගකාරීත්වය හේතුවෙන් බවයි සදහන් වේ.

නයිජීරියාවේ මෙවැනි ගැටුම් නිරන්තරයෙන් වාර්තාවේ.

ඊයේ ඇතිවූ මෙම ගැටුම හේතුවෙන් අදාළ ප්‍රදේශයට ඇඳිරි නීතියද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

මෙහිදී නිවාස 50 ක් යතුරු පැදි 15 ක් සහ වාහන දෙකක් පුළුස්සා දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *