‘ජන පවුර‘ ප්‍රථම වැඩසටහන ජූලි මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සඳහා ”ජන පවුර” නමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කර තිබේ.

සෑම ගමකම පිහිටුවා තිබෙන සමිති හෝ සංවිධානයන්හි ක්‍රියාකාරී නියෝජිත කණ්ඩායමක් පත් කර ගනිමින් ඔවුන් හරහා එකී ගම්වල සිදුවන ළමා අපයෝජනයන් හඳුනා ගැනීම හා ඊට අවශ්‍ය පියවර ගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණයි.

ඒ අනුව මෙහි ප්‍රථම වැඩසටහන ලබන සිකුරාදා (29) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණද, නොවැළැක්විය හේතුවක් මත එම වැඩසටහන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.

දරුවන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් නිදහස් බව තහවුරු කිරීම සඳහා ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම මෙම වැඩසටහන මඟින් තවදුරටත් අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *