පාරමි වසන්ති ක්‍රීඩිකාවගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් පාරමි වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ රැසක් අත්කරගත් මෙම දැරියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඇයගේ ඉදිරි ක්‍රීඩා දිවිය වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය ආර්ථීක අපහසුතා රැසක් මැද සිය කටයුතු කරගෙන යන අතර, ධීවර කර්මාන්තයේ නිරතවන ඇයගේ පියාගේ එම ජීවනෝපායමාර්ග වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් මෙන්ම පවුලේ ඉදිරි සුබසාධන කටයුතු වෙනුවෙන් ඉදිරියේදී ද සහය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා ස`දහන් කළේය.

2018-06-09 වන දින ජපානයේ ගිෆු නගරයේ පැවති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ තරගයෙන් රන් පදක්කමක් දිනා ගැනීම, 2016-06-13 වන දින රුසියාවේ පැවති ආසියානු ළමා ක්‍රීඩා තරගාවලියේ මීටර් 2000 බාධක දිවීමේ තරගයෙන් රිදී පදක්කමක් දිනා ගැනීම 2017 වසරේ ඩුබායිහි පැවති 18 න් පහළ රගර් තරගාවලිය නියෝජනය කිරීම ඇතුථ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් පාරමි වසන්ති මාරිස්ටෙලා දැරිය විසින් රටට දිනා දී තිඛෙන අතර ජාතික මට්ටමේ තරගවලදී නව වාර්තා ද පිහිටුවමින් විශ්ෂට දක්ෂතා රැසක් දක්වා තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ දැරියගේ දෙමාපියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *