මධූෂ්ගේ දකුණු පළාතේ ගෝලයා එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ ප්‍රධාන ජාවාරම්කරුවකු වූ දැනට ඩුබාහි සැඟවී සිටින මාකදුරේ මදූෂ්ගේ දකුණු පළාතේ ප්‍රධාන ගෝලයා වූ මානෙල් රෝහන නොහොත් තිලක් නමැත්තා එස්.ටී.එෆ්. වෙඩි පහරකින් මරමුවට පත්ව තිබේ.

මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම කප්පම් සහ වෙනත් සංවිධානාත්මක අපරාධ සියල්ල දකුණු පළාතේ මෙහෙයවනු ලබන්නේ කඹුරුපිටියේ තිලක් නමැති මෙම ප්‍රධාන ගෝලයා වේ.

මදූෂ් දකුණේ සිට ඩුබායි රටට පලා යෑමෙන් පසු එම ප්‍රදේශයේ සියලු කටයුතු මොහු විසින් මෙහෙයවනු ලබන බවට එස්.ටී.එෆ්. බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණි.

එස්.ටී.එෆ්. අනදෙන නිලධාරී එම්. ආර්. ලතීෂ්ගේ උපදෙස් මත පාතාල නායකයන් ඇතුළු සෙසු ගෝලයන් කොටුකර ගැනීමට පැය 24 පුරා සිදු කෙරෙන මෙහෙයුම්වල ප්‍රථිඵලයක් වශයෙන් මදූෂ්ගේ ප්‍රධාන ගෝලයා පිළිබඳ සියලු තොරතුරු අනාවරනය කරගෙන මොහු පසුපස ලුහු බදිමින් සිටියදී ඊයේ ඔහු කඹුරුපිටිය ප්‍රදේශයේදී මාර්ගබාධක යොදා කොටුකර ගැනීමට හැකිවිය.

ත්‍රිරෝද රථයක ගිනි අවිද සහිතව තවත් පිරිසක් සමග යමින් සිටි තිලක් නමැත්තාට එම ත්‍රිරෝද රථය නවත්වන ලෙසට එස්. ටී.එෆ්. කළ අණ නොතකා පලා යමින් එස්.ටී.එෆ් රථයට වෙඩි ප්‍රහාර එල්ලකර තිබේ. එහිදී එස්.ටී.එ‍ෆ්. එල්ලකළ ප්‍රතිප්‍රහාරයෙන් තිලක් මියගොස් ඇත. සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයද ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර පලාගිය සැකකරුවන් සොයා එම මොහොතේ සිටම මෙහෙයුමක් දියත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *