ඉදිරි මැතිවරණය පිළිබඳ විශේෂ කල්තැබීම් විවාදයක් ජුලි 05වනදා

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ කල්තැබීමේ විවාදයක් ජුලි මස 05වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව කථානායන කරු ජයසූරිය මහතා දැනුම් දෙයි.

ඒ කථානායකතුමන්ගේ කැඳවීම පරිදි පාර්ලිමේන්තුවේ අද(28) පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරය.

අද දින සාකච්ඡාවේදී විශේෂයෙන්ම අවධානයට යොමු කරන ලද්දේ පළාත් සභා මැතිවරණයේ දී උපයෝගී කර ගන්නා මැතිවරණ ක්‍රමය පිලිබඳව ය.

මැතිවරණ හා සීමා නීර්ණ කොමිෂන් සභාවන්ගෙන් ඉල්ලා සිටියේ මෙම විවාදයේ දී මැතිවරණ ක්‍රමයේ සහ සීමා නීර්ණයේ කිසියම් ගැටළුවක් ඇතොත් ඒ පිලිබදව ඒ ඒ පක්ෂ විසින් දක්වන අදහස් කෙරෙහි සැලකිලිමත් වන ලෙසයි.

මෙහිදී අග්‍රාමාත්‍යතුමන් සහ පක්ෂ නායකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පලාත් සභා මැතිවරණය පිලිබඳව සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු වූ අතර, අදාළ පාර්ශවයන්සමග සාකච්ඡා කර කඩිනමින් ඊට අවශ්‍ය කටයුතු යොදන බව ද කථානායකවරයා සඳහන් කළේය.

පලාත් සභා මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාවය පිලිබඳව අද දින සාකච්ඡාව කැදවූ ගරු කථානායකතුමන් සහ ඊට සහභාගී වූ විෂය භාර අමාත්‍යතුමන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ සීමා නීර්ණය කොමිෂන් සභාවේ සභාපති යන සියළු පාර්ශවයන් විසින් අවධාරණය කිරීම ද විශේෂත්වයකි.

මෙම සාකච්ඡාව සඳහා පලාත් සභා සහ පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්, සීමානීර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් මහතා හා එහි සාමාජිකයින් දෙදෙනෙකු ද එක්වුණා.

පලාත් සභා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ජනතා විශ්වාසය ආරක්ෂා කරමින් කඩිනමින් පැවැත්වීමට අත්‍යවශ්‍ය බවත්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ පාර්ලිමේන්තුවෙන් ඊට අවශ්‍ය සහාය ලබා දීම මෙම සාකච්ඡාව කැඳවීමේ අරමුණ බවත් කථානායකතුමන් සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *