දීගදන්තු සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටියදී අතුරුදන් වූ බව කියූ දීගදන්තු – 01 හස්තියා දින 10 කට පසුව සොයා ගැනේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (28) රාත්‍රියේ කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ සිටියදී මෙම හස්තියා සොයාගෙන ඇත.

කලාවැව ජාතික වනෝද්‍යානයේ ඇතුන් ගහණයේ සිටි විශාලම ඇතා වන දීගදන්තු – 01 නැමති මෙම සත්වයාගේ වම් පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් තුවාල ලබා සිටි අතර පසුගිය 18 වනදා සිට ඇතා සොයා ගැනීමට නොහැකි විය.

සොයා ගැනුණු දීගදන්තු – 01 හස්තියාට මේ වනවිට අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *