පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිතුමා චීන රජයෙන් කරන ලද ඉල්ලීම පරිදි ලැබුණු මිත‍්‍රශීලී පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු ඊයේ(28) ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

ඊයේ උදෑසන හදිසියේම ජාතික වකුගඩු රෝහල ඉදිකෙරෙන ස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එම කටයුතු සොයා බැලීය.

වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි.

උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිර සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය.

මාස 24 ක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව 2020 ජූලි මාසයේදී ව්‍යාපෘතියේ කටයුතු නිමවනු ඇති.

රෝහලේ ඉදිකිරීම් කඩිනම් කර, එහි ප‍්‍රතිලාභ රටේ අහිංසක වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *