ප්‍රවීණ සිනමා නළු රෝයි ද සිල්වාගේ දේහයට ජනපති අවසන් ගෞරව

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමා නථ සහ චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත අද (02) උදෑසන ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වන ලදි.

සුමනා අමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් වෙතත්, සහෘද කලාකරුවන් සහ රසික රසිකාවියන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *