පෙරහැරක අලි කුලප්පු වීමෙන් 31කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) –කහවත්ත ප්‍රදේශයේ සංචාරයේ යෙදුණු මිහිඳු පෙරහැරක අලි දෙදෙනෙකු කුලප්පු විම හේතුවෙන් එම පෙරහැර නැරඹූ පුද්ගලයින් 31ක් දෙනෙකු තුවාල වී ඇත.

කහවත්ත පොලිසිය සදහන් කරන ලද්දේ ඊයේ(01) රාත්‍රීයේ මෙම පෙරහැර පවත්වා ඇති බවය.

එහිදී කහවත්ත නගරයේ දී පෙරහැරේ ගමන් කළ අලියෙකු කුලප්පු වීම හේතුවෙන් එම පෙරහැරේම ගමන් කළ අනෙක් අලින්ද කුලප්පු වීමෙන් ජනතාව කලබලයට පත්ව තිබේ.

එයින් කුවාල ලැබූ පුද්ගලයින් 31දෙනෙක් රත්නපුර සහ කහවත්ත යන රෝහල්වලට ඇතුලත් කර ඇත. තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 12ක් සහ කාන්තාවන් 19ක් සිටී. එසේම පෙරහැරේ රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරියෙක් ද තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *