‘රැස – සිළුමිණ’ කර්තෘ චාමරගේ අවසන් කටයුතු හෙට

(කොළඹ, ලංකාපුවත්) –’රැස’ පුවත්පතේ ආරම්භක කර්තෘ සහ ‘සිළුමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර සහෘදයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) සවස 5ට මතුගම, ඉඳිගොඩතැන්න පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

ඔහුගේ දේහය මේ වන විට නො. 05, ලක්රුවන්, ඇතුලත්මුදලිගම, මතුගම යන ලිපිනයෙහි පිහිටි සිය නිවසේ තැන්පත් කර තිබේ.

හෙට සවස 2ට ආගමික වතාවත් පැවැත්වීමට නියමිතය.

එම වතාවත්වලින් අනතුරුව සවස 4ට දේහය අවමඟුල් පෙරහැරකින් ඉඳිගොඩවත්ත පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *