ගුරුවරු සේවයට.. සිසුන් පාසැලට..අසාධාරණ වර්ජනය අසාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – වෘත්තිය සමිති කිහිපයක් විසින් අද (04) දින කැඳවූ ගුරු වැඩ වර්ජනය අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

වතුකරයේ ද කිසිදු ගුරු වෘත්තිය සමිතියක් ඊට සහයෝගය නොදැක්වු බව අධ්‍යාපන සමාජ සම්මේලනයේ ලේකම් සංකර මණිවන්නන් මහතා සඳහන් කළේය.

පාසැල්වල ගුරුවරුන් හෝ සිසු සිසුවියන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදු ව ඇති බව සදහන් වේ.

මේ අතර අද (04) දින කැඳවූ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කැපවෙමින් අද දිනයේ රාජකාරි සඳහා පැමිණි විදුහල්පතිවරුන්,ගුරුවරු සහ ගුරුවරියන් මෙන්ම දෙමාපියන්ට ද සිය ස්තුතිය පළ කරන බවයි.

මේ අතර වෘත්තිය සමිති කිහිපයක් විසින් අද දින කැඳවූ ගුරු වැඩ වර්ජනය සම්බන්ධයෙන් දෙමාපියන් දැක්වූවේ ද අසතුටකි.

එම දෙමාපියන් සඳහන් කළේ අද දිනයේ සිය දරු දැරියන් සුපුරුදු පරිදි පාසැල්වල අධ්‍යාපනය ලැබූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *