ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 5 සහ 2.3 මිල පහළට

(කොළඹ, ලංකාපුවත්) – කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල ද අඩුකර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිල්න්ඩරය රුපියල් 25 කින් අඩුකර ඇත.

පසුගිය ජුනි මස 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට සාපේක්ෂව කුඩා ගෑස් සිලින්ඩර මිල ද අඩුකළ බව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පැවසීය.

මිල අඩු කිරීමෙන් පසුව ද තවමත් වැඩි මිලට ගෑස් විකුණන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වැටලීම් සිදු කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එවැනි වැරදි සිදු කරන වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමෙන් පසු වැරදිකරුවන් වුවහොත් රුපියල් පන්දහසේ සිට පනස් දහස දක්වා දඩ නියම කිරීමට හෝ බන්ධනාගාර ගත කිරීමට මෙන්ම එම දඩුවම් දෙකම නියම කිරීමට හැකියාව පවතින බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *