මෝය කටෙන් වෙන් වූ උඩප්පුව හා අඩිමුනෙයි ගම්මාන යළි එක් කිරීමට පාලමක්

(කොළඹ, ලංකාපුවත්) –පුත්තලම, උඩප්පුව හා අඩිමුනෙයි යන ගම්මාන දෙක යාකරමින් නව පාලමක් ඉදිකිරීමට නියමිතය. ඒ සඳහා වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍යංශය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 415 කි.

පසුගිය කාලයේ ඇති වූ ආපදා තත්වයේදී ජල ගැලීම් පාලනය කිරීම සඳහා මෙම ගම්මාන දෙක එකට යාකළ කුඩා මාර්ගය කැඩීමට සිදුවිය. ඒ ගංවතුර බැසයාම සඳහා මෝයකට පුළුල් කිරීමට සිදුවීම නිසාවෙනි. මෙම තත්ත්වයත් සමග ජනතාවගේ සාමාන්‍ය කටයුතු සිදු කරගැනීමේදී යම් යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය. දැනට එම ගම්මාන දෙක අතරේ ගමනාගමන කටයුතු සිදුවන්නේ තාවකාලිකව සකස් කරන ලද පාලමකිනි.

කෙසේ වෙතත් මෙය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සලකා නව පාලමක් ඉදිකිරීමට වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එම අමාත්‍යංශය යටතේම මේ සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීමටද පියවර ගෙන ඇති බවත්, එම පාලමේ ඉදිකිරීම් ලබන 12 දා සිට ආරම්භ කරන බවත් විෂ්‍යභාර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *