සන්ෂයින් හෝල්ඩින්ස් කෘෂිකර්ම සහ සෞඛ්‍ය ක්‍ෂ්ත‍්‍රයේ විශිෂ්ටයින් සම්මානයට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපරයක් ලෙස හැදින්විය හැකි සන්ෂයින් හෝලිඩින්ස් හි කෘෂිකර්ම සහ සුවසේවා ක්‍ෂ්ත‍්‍රවල විශිෂ්ට සේවක සේවිකාවන් ඇගයීමේ උත්සවයක් පසුගියදා පැවැත්විය.

කොළඹ සිනමන්ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවති මෙම උත්සවයේදී සම්මානයට පාත‍්‍ර වූයේ 2017/18 මූල්‍ය වර්ෂය තුල විශිෂ්ට සේවා කුසලතාවක් පෙන්නුම් කල සේවක සේවිකාවනුයි.

වසර 50 ක සන්ෂයින් හෝලිඩින් හි ඉතිහාසය තුල කෘෂිකර්ම සහ සුවසේවා ක්‍ෂ්ත‍්‍රවල විශිෂ්ටයින් එකම වේදිකාවක් තුල දී ඇගයීමට ලක් කෙරුණු ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර සම්මානයට පාත‍්‍ර වූ සේවක සේවිකාවන්ට මෙම වර්ණ රාති‍්‍රය සුවිශේෂී අවස්ථාවක් විය.

මෙම අවස්ථාව වටවල වැවිලි සමාගමේ සභාපති සුනිල් විජේසිංහ, සන්ෂයින් හෝල්ඩින්ස් හි කළමනාකර අධ්‍යක්‍ෂ විෂ් ගෝවින්දසාමි, සන්ෂයින් සමූහයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන්, ආරාධිතයන්, සහ සන්ෂයින් හෙල්ත්කෙයාර්, හෙල්ත්ගාඞ්, වටවල වැවිලි සමාගම හා හැටන් වැවිලි සමාගම යන ආයතනවල සේවක සේවිකාවෝ සහභාගි වූහ.

උළලේදී සම්මාන 106ක් පරිනැමූ අතර දිර්ඝ සේවා, විශිෂ්ට සේවා, කළමනාකාර අධ්‍යක්‍ෂගේ සම්මාන සහ සභාපතිගේ සම්මාන එහිදී සන්ෂයින් හෝල්ඩින් විශිෂ්ට සේවක සේවිකාවන් අතර පිරිනැමුවේය. වටවල සහ හැටන් වැවිලි සමාගම් නියෝජනය කරමින් හොදම වතු කළමනාකරු ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ නාකියාදෙණිය වතුයායේ ධනුෂ්ක දස්වත්ත සහ ඇබොස්ලේ වතුයාය නියෝජනය කරමින් සුරංග දෙලා යන වතු කළමනාකරුවනුයි. හැටන් වතුයායේ හොදම සහකාර වතු කළමනාකරු සම්මානය කැරොලිනා වතුයායේ නිරෝෂන් ප‍්‍රනාන්දුට හිමි වූ අතර වටවල වතුයායේ හොදම කළමනාකරු සම්මානය හිමි වුයේ තලන්ගහ වතුයායේ තිලිණ පතිරණයි.

වර්ණ රාති‍්‍රයේ දී සුවසේවා ක්‍ෂ්ත‍්‍රයේ ප‍්‍රධාන ජයග‍්‍රාහකයන් වූයේ විශිෂ්ට අලෙවි කළමනාකරු ලෙස ඩබිලිව්. එම්. ජී. එම්. හලන්ගොඩ (සන්ෂයින් හෙල්ත්කෙයාර්), ෆාර්මසි තුල අලෙවිකරණයේ හොදම කළමනාකරු ලෙස රෝහණ ජයසිංහ සහ භානුක ගුණසේකර, සුවසේවා උපකරණ අලෙවිකරණයේ හොදම කළමනාකරු නිශාන්ත අර්සකුලරත්නයි. කැලණිය විකුණුම් කණ්ඩායම හොදම විකුණුම් කණ්ඩායම ලෙසද, හොදම අලෙවි කණ්ඩායම ලෙස සයිඩස් කාඩිවා කණ්ඩායම් එක සහ වෛද්‍ය උපකරණ හොදම අලෙවි කණ්ඩායම ලෙස සීමන්ස් කණ්ඩායම සම්මානයට පාත‍්‍රවිය.

සම්මාන රාත‍්‍රිය අමතමින් සන්ෂයින් හෝල්ඩින්ස් සමූහයේ කළමනාකර අධ්‍යක්‍ෂ විෂ් ගෝවින්දසාමී ප‍්‍රකාශ කළේ සන්ෂයින් හෝලඩින් සමූහයෙන් සම්මානයට පාත‍්‍රවීමට නම් ඔබගේ සමාගම වෙනුවෙන් ඔබ හොදම ප‍්‍රතිඵල පෙන්විය යුතු බවයි. විශිෂ්ට සේවකයකු ලෙස ප‍්‍රතිපල පෙන්වීම පමණයි සන්ෂයින් හෝලඩින් වෙතින් සම්මාන ගැනිමේ එකම නිර්ණායකය. අපගේ සමූහය තුල ජාතිභේද, ආගම්භේද, ස්ත‍්‍රීපුරුෂ භේදවලට ඉඩක් නැති අතර ඔබට සිදුකල හැකි එකම දේ හොදින් සේවයකර ප‍්‍රතිපල පෙන්වීමෙන් පමණක් සම්මානයට හා ඇගයීමට පාත‍්‍රවීමයි. අද දින සම්මානයට පාත‍්‍රවන්නේ එවැනි පිරිසකි.

පසුගිය මූල්‍ය වර්ෂය තුලදී රට මුහුණ දුන් විවිධ අභියෝග අතරතුර සන්ෂයින් සමූහය විශිෂ්ට මූල්‍ය වර්ධනයක් ලබාගත් බවත්, මෙම සාර්ථකත්වය අත්පත් කරගැනීමට ඔබ සියලූ දෙනාගේ කැපවීම වෙන වෙනම දායක වූ බවත්, ගෝවින්දසාමී මහතා පෙන්වා දුන්නේය. ඒ නිසා මෙම වර්ණ රාත‍්‍රිය සම්මාන වලින් ඔබ්බට ගිය ඔබගේ රාත‍්‍රියක් බවත්, සන්ෂයින් දිනපතා පෙන්වන විශිෂ්ටත්වය ඔබ විසින් නිර්මණය කර ඇති බවත්, කියා සිටි ගෝවින්දසාමී මහතා, එම විශිෂටත්වයේ අභිමානය සහ සතුට ල`ගාකරගැනීමට කැපවූ ඔබ සැමට අවංක ස්තූතිය පලකරන බවත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *