උතුරේ එල්.ටී.ටී. ඊ හෝ දකුණේ ත්‍රස්තවාදය හෝ ඇති වීමට ඉඩ තබන්නේ නැහැ – ඇමති මද්දුම බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) – ‘උතුරේ එල්.ටී.ටී. ඊ හෝ දකුණේ ත්‍රස්තවාදය හෝ ඇති වීමට ඉඩ තබන්නේ නෑ. අපරාධ මැඩලීමට රජයක් ලෙස ඉදිරියට උපරිම ක්‍රියාමාර්ග ගෙන කටයුතු කරනවා. මේ ආණ්ඩුව යටතේ අපරාධ වැඩි වී ඇතැයි හුවා දක්වන්න උත්සහ කරනවා ”යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව පැවසී ය.

එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

පසුගිය අවුරුදු තුන ඇතුළත අපරාධ අඩු වී තිබෙනවා. පොලීසිය ජීවිත පරදුවට තබා කටයුතු කළ ආකාරය ඔප්පු වෙනවා. පොලිස් නිලධාරින් තිදෙනෙක් මරණයට පත් වුණා.

2014 සිට අද වනවිට අපරාධ මර්දනය වීම, අපරාධ විසඳීම සාර්ථකයි. 2014 සිට 2018 – 05-31 දක්වා මිනී මැරුම් සම්බන්ධයෙන් දත්ත තිබෙනවා. 2014 දී වසරේ 548ක් මැරිලා තිබෙනවා. 2015 දී 476ක් දක්වා අඩුවෙලා. 2016 දී 502යි. 2017 දී 452ක් දක්ව අඩු වි තිබෙනවා. 2018 පළමු මාස 06 ඇතුළත 217යි. මිනී මැරුම් සංඛ්‍යාව අඩු වෙලා. අපරාධ විසඳීම සියයට 93% දක්ව වැඩි වී තිබෙනවා. පොලීසිය සමත් වී තිබෙනවා අපරාධකරුවන් අල්ලා ගැනීමට.

2017 -2018 පමණක් සංවිධානත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 40 අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය, විශේෂ කාර්ය බලකාය උපරිම ලෙස කටයුතු
කරනවා. මේ ආණ්ඩුව යටතේ අපරාධ වැඩි වී ඇතැයි හුවා දක්වන්න උත්සහ කරනවා. අපරාධ අඩු කරන්න මාධ්‍ය මඟින් සහයෝගය බලාපොරොත්තු වෙනවා. 2015 පෙර මාධ්‍යවේදීන් ඝාතනය කර තිබෙනවා. සංවිධානත්මක අපරාධ, මත්කුඩු ජාවරාම නවත්වන්න සහයෝගය ලබාදෙන්න. පොලීසියට අවශ්‍ය නිදහස ලබාදී තිබෙනවා. මේ රටේ උතුරේ එල්.ටී.ටී. ඊ හෝ දකුණේ ත්‍රස්තවාදය හෝ ත්‍රස්තවාදයවත් ඇති වීමට ඉඩ තබන්නේ නෑ. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *