නවාස් ෂරිෆ්ට වසර 10ක සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ්ට එරට ශ්‍රේෂ්ඨාධීකරණය විසින් වසර 10ක සිර දඬුවම් නියම කර තිබේ.

ලන්ඩනයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක හිමිකාරිත්වය සම්බන්ධයෙන් මුල්‍ය වංචා දුෂණ සිදු කිරිම යන හේතුන් මත වැරකරු ලෙසයි ඔහූව සිරගත කර ඇත.

ඔහුගේ දියණිය වන මර්යාම් ශරිෆ් ට ද මෙහිදි වසර 7ක සිර දඬුවමක් පමුණුවා ඇති අතර ඇයගේ සැමියාටද වසරක සිරදඩුවම් නියම කිරීමට එරට අධිකරණය තීන්දු කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. එසේම නවාස් ෂරීෆ්ට පවුම් මිලියන 08 ක දඩයක් හා දියණියට මිලියන 02 ක දඩයක්ද නියම කර ඇත.

මේ අතර නවාස් ෂරිෆ්ගේ හිටපු ආරක්ෂ නිලධාරියෙකුටද වසරක සිර දඬවමක් ලබා තිබේ.

නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් ෂරීෆ් හා ඇයගේ සැමියා ලබන 25 වනදා පැවැත්වෙන පාකිස්තාන මහ මැතිවරණයට ද අපේක්‍ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටි. මෙම අධිකරණ තීන්දුව අනුව ඔවුන්ට ඉදිරි මැතිවරණයටද ඉදිරිපත් වීමට අවස්ථාව හිමි නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *