නව ජනාධිපති ලේකම් ලෙස උදය ආර්. සෙනෙවිරත්න මහතා පත්වීම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ උදය ආර්. සෙනෙවිරත්න මහතා, මීට මාස කිහිපයකට පෙර එම ධූරයෙන් විශ‍්‍රාම ලැබූ අතර, ඉන් අනතුරුව මෙම නව තනතුරට පත් කෙරිණි.

වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරමින් විශාල පළපුරුද්දක් හා අත්දැකීම් සම්භාරයක් ඇති නිලධාරියකු වූ ඒ මහතා මීට පෙර කී‍්‍රඩා, මහා මාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන, ඵලදායිතා ප‍්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශවල ස්ථීර ලේකම්වරයා ලෙස ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු සහ මුදල් හා සැළසුම් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *