මධ්‍යම රාත්‍රියෙන් වෙනස් වූ ඉන්ධන මිල ගණන්

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ

සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන්නේ මිල සූත්‍රයට අනූව බව මහා භාණ්ඩාගාරය සදහන් කළේය. ඒ අනූව, රුපියල් 137ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145ක් වේ. එම මිල සංශෝධනය වී ඇත්තේ රුපියල් 8කිනි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඉහළ ගොස් ඇත්තේ, රුපියල් 7කිනි.

ඒ අනූව එහි නව මිල රුපියල් 155ක් වේ.

ඩීසල් ලීටරයක් රුපියල් 9කින් සංශෝධනය වී ඇති අතරෙ එහි නව මිල රුපියල් 118කි. මිල සංශෝධනයෙන් පසු සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 129ක් වේ.

ඒ අනූව, එහි මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 10කිනි.

මෙම මිල ගණන් අනුගමනය කරමින් අයි.ඕ.සී සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. බලපෑමකින් තොරව වෙළෙදපොළ මිල පවත්වාගෙන යාමට මිල සූත්‍රය හඳුන්වා දී තිබේ. මෙය අන්තර්ජාතික වෙළෙදපොළෙහි ද ක්‍රියාත්මක ක්‍රමවේදයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *