හෙට කොළඹ ස්ථාන කිහිපයකට ජලය කපයි

(කොළඹ, ලංකාපුවත්) –හදිසි හා අත්‍යවශ්‍ය ජලනළ අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට(07) පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා පැය 09ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ 05 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවිමට නියමිතය.

මීට අමතරව කොළඹ 04, 06, 07, 08 යන ප්‍රදේශවලට ද මහරගම සහ බොරැලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට ද අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයනු ඇත.

මේ හේතුවෙන් ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳන කණගාටුව පළ කර සිටින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනුයේ අවශ්‍ය ජලය කල්තබා රැස් කර ගන්නා ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *