දරුවන්ට වසර 13 ක අධ්‍යාපනයට ඇ.ඩොලර් මිලියන 50ක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් දූ දරුවන්ට වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනයක් අනිවාර්යයෙන්ම ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

වසර 2015 බලයට පත් සම්මුතිවාදී ජාතික රජය මානව සම්පත් සංවර්ධන අංශයේ දියුණුවට ක්‍රියාත්මක කළ ඉතාම ප්‍රගතිශීලීම අනාගත කාල ආයෝජනය ලෙස සැලකෙන වසර 13ක අධ්‍යාපනය ලබාදීමේ යෝජනාව මේ මඟින් වඩාත් බලගැන්වීම සිදුවේ.

රජය විසින් මෑතකදී හඳුන්වා දුන් වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ගුරුවරුන් පුහුණුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික යටිතල පහසුකම් සැපයීම සඳහා ඇ.ඩොලර් මිලියන 50ක් ආධාර ලබාදී තිබේ. මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උක්ත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමට සහ ඒවාට අවශ්‍ය යාන්ත්‍රණ උපකරණ සැපයීමට අපේක්ෂා කර ඇත. මෙම ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය ඇ.ඩොලර් මිලියන 60.70 කි. මෙම ව්‍යාපෘතියට සහය වීම සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50 ක් සැපයීමට එකඟතාවය පළකර ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක අරමුදල වන ඇ.ඩොලර් මිලියන 10.70 ක් ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත.

පසුගිය දශක දෙකක කාලපරිච්ඡේදය තුළ උපක්‍රමිකව වැදගත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහයන් පිරිනමමින් අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවෙකු බවට පත්ව ඇත. වර්තමාන ණය මාලාව තුළ, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) මහාමාර්ග සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර සඳහා අරමුදල් සම්පාදනය කරනු ලබයි.

අපගේ ශ්‍රම බළකාය වැඩ කරන ක්‍රමවේදය හා රටාවන්, හැකියාවන් සඳහා පවතින වෙනස්වන ඉල්ලුම සහ තාක්ෂණික පිබිදීම යන ද්විත්ව සාධක මත වෙනස්වීමට බඳුන් වේ. මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන වැඩසටහන් නැගී එන අවශ්‍යතාවලට අනුගත කිරීමට අවශ්‍ය වී ඇත. තාක්ෂණ සහ පර්යේෂණ යන ක්ෂේත්‍රවලට අවශ්‍ය වෘත්තීය කුසලතා සැපයීම සඳහා ඒකාබද්ධව දායක වනු ඇත. රජය විසින් මෑතකදී වසර 13 අනිවාර්ය අධ්‍යාපනය ප්‍රතිපත්ති හඳුන්වා දෙන ලදී. ඒ අනුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ගුරුවරුන් පුහුණුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණයෙන් අනූන යටිතල පහසුකම් සහ උපකරණ සැපයීම අනිවාර්ය වී ඇත.

මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උක්ත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමට සහ ඒවාට අවශ්‍ය යන්ත්‍ර උපකරණ සැපයීමට අපේක්ෂා කර ඇත. මෙම ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය ඇ.ඩොලර් මිලියන 60.70 කි. මෙම ව්‍යාපෘතියට සහායවීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50 ක් සැපයීමට එකඟතාව පළකර ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක අරමුදල වන ඇ.ඩොලර් මිලියන 10.70 ක් ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *