‘ලී ක්වාන් යූ‘ ජල සම්මානය අමෙරිකා මහාචාර්ය රීටා රොසි කොල්වෙල්ට

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ ජල අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදක තාක්ෂ්ණය යොදා ගැනීම ඔස්සේ මානව සංහතියට සිදු කළ සේවාව වෙනුවෙන් පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 ජල සම්මානය අමෙරිකානු ජාතික මහාචාර්ය රීටා රොසි කොල්වෙල්ට (Prof. Rita Rossi Colwell) හිමි විය.

දුර දැක්ම, යහපාලනය හා නවෝත්පාදන ඔස්සේ නගර සංවර්ධනය සඳහා පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 නගර සම්මානය හිමි වූයේ දකුණු කොරියාවේ සියොල් නගරයටය.

මෙම සම්මාන උළෙල 09 වන දා සන්ධයාවේ සිංගප්පූරුවේ රිට්ස් කාර්ල්ටන් හෝටලයේ දී සිංගප්පූරු ජනාධිපතිනි හලිමා යේකුබ් (HE Halimah Yacob) මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විශේෂ ආරාධිතයන් වශයෙන් ඊට සහභාගී විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *