ඉන්ධන මිල ගැන කැබිනට් මණ්ඩලයේ දී අද සාකච්ඡාවට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද(10) දිනයේ දී කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාශය සදහන් කරනු ලබයි.

මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව පසුගිය පස් වන දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගනු ලැබීය.

එහෙත් එම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම නවතා දැමීමට රජය පසුව තිරණය කළේය.

හඳුන්වාදී ඇති මිල සුත්‍රයට අනුව මාස දෙකෙන් දෙකට ලෝක වෙළෙඳපලේ මිලට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදුවිය යුතු බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අදාළ මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දිනයේ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කිරිමට නියමිතය.

එහිදි ඉන්ධන මිල සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබද අවසන් තීරණයකට එනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *