ජපානයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ජපානයට බලපෑ අධික ගංවතුර හා නායයාම් හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 27දෙනෙක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය.

මේ හේතුවෙන් මිලියන 2 ක ජනතාවක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බවද සදහන් ය.

ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක අතර කාලගුණ අංශ සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපයේදී මෙම තත්ත්වය පහව යනු ඇති බවය.

අයහපත් කාලගුණය හේතුවෙන් එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිය විදෙස් සංචාර ද අවලංගු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *