(කොළඹ, ලංකාපුවත්) – දිවයින හරහා මධ්‍යම,උතුරු සහ උතුරු මැද පළාත්,උව පළාත සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය,අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමිටර 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකි බවත් මේ පිළිබඳව ජනතාව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
පවතින සුළං තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රදීප් කොඩිප්පිලි මහතා මේ බව කීය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් දැඩි සුළං පිළිබඳව අවධානාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.මෙම නිවේදනය හෙට උදැසන 10.00 දක්වා වළංගු වෙයි.දිවයිනේ අභ්‍යන්තරයේ පවතින සුළං තත්ත්වය තවදුරටත් පැවැතිය හැකි බව නිවේදනයෙන් පෙන්වා දෙයි. දිවයින හරහා මධ්‍යම,උතුරු පළාත්, උතුරු මැද පළාත්,උව පළාත අසහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය,අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමිටර 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකියි. මේ පිළිබඳව ජනතාව විමසිලිමත් වන්න.
අනාරක්ෂිත ගස් අතු කපා නිවෙස්වලට හානි වීමෙන් වළක්වා ගැනීමට ජනතාව පියවර ගන්න. පසුගිය දින කීපයෙත් ගාල්ල දිස්ත්‍රික්කයේ තද සුලං තත්ත්වයක් ඇති වුනා.සුලඟේ වේගය වැඩි බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙමින් පවතිනවා. ජනතාව දැඩි අවධානයෙන් පසුවන්න. 117 දුරකතනය ඔස්සේ අනාරක්ෂිත ස්ථාන පිළිබඳව දැනුවත් කරන්න. 267002 දුරකතනය අංකය ජනතාවට පණිවුඩ ලබාදීමට භාවිතා කරන්න.ආපදා කළමනාකරණ ඒකකයන් මේ සම්බන්ධයෙන් අඛණ්ඩව දැනුවත් කර තිබෙන බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.