ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට – ලංකා ඛනිජ තෙල් සංස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (10) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසා සිටි.

මෙම මිල ඉහළ දැමීම අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07 කින්ද ඉහළ දමා ඇත.

එමෙන්ම ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම මිල ඉහළ දැමීමට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 155 ක් දක්වා ඉහළ යන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අනාවරණය කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *