මීටර් නොමැති ත්‍රීරෝද රථ වලට ලබන මස සිට දඩ

(කොළඹ, ලංකාපුවත්) –මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථ පරීක්ෂා කර දඩ පැවරීමට පොලීසියට බලය පනවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එම නීතිය ලබන මස පළමු වන දා සිට ක්‍රියාත්මන කිරීමට නියමිතය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා දුන් බව යි.

ඒ අනුව ලබන මස පළමු වන දා සිට ත්‍රිරෝද රථවල මීටර් සවි කිරීම අනිවාර්ය වන අතර එසේ නොකරන ත්‍රිරෝද රථ රියැදුරන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට පොලීසියට බලය පැවරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *