ළදරු ට්‍රම්ප් බැලුනයක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ගේ එංගලන්ත සංචාරයට සමගාමීව විරෝධතාවක් ලෙස ලන්ඩනයේ කුඩා දරුවෙකු මෙන් වූ ට්‍රම්ප්ගේ හැඩති බැලූනයක් පා කිරීමට ලන්ඩනයේ පුරපති ගෙන් අවසර ලැබී තිබේ.

ලන්ඩන් පුරපති Sadiq Khan පවසා ඇත්තේ සෑම දෙනාටම විරෝධය සාමකාමීව පල කිරීමට ඉඩක් ඇති බවයි.

එය ලන්ඩන් පාර්ලිමේන්තුවට ඉහළ අහසේ පා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා මෙම සංචාරය සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *